ඖෂධ මිලදී ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2ක්

Date:

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් මිලියන 718) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළමුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් “ජාතික පිළිකා රෝහල” වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ද පරිත්‍යාග කරනු ඇති.

“රටට අවශ්‍ය මේ මොහොතේ දී මෙම පරිත්‍යාග කිරීමට ලැබීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වෙනවා, මෙම අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සදහන් කළා.

එම ආධාරවල හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අදාළ මුදල් වහාම එම ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ඊයේ (24) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...