මැතිව්ස් හා රාජිත ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(25) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නිමා වූ බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා අනුව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය සදහා ලැබී තිබූ චිතගොං ක්‍රීඩාංගනයේ තණතීරුව පිතිකරුවන්ට ඉතා යෝග්‍ය වූ අතර, ඒ අනුව එම තරගයේ දී ශතක 3ක් හා අර්ධ ශතක 6ක් වාර්තා වුණා.

ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 තුළ කිසිදු වෙනස්කමක් නවතම ශ්‍රේණිගත කිරීම් තුළදී සිදු වී නැහැ.

පළමු ඉනිමේ දී ලකුණු 88ක් රැස් කළ බංග්ලාදේශයේ ලිටොන් දාස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් 25 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එම තරගයේ දී ශතකයක් වාර්තා කළ ටමිම් ඉක්බාල් 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 199කට දැවී ගිය ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඔහු මේ වන විට පිතිකරුවන් අතර රැදී සිටින්නේ 21 වැනි ස්ථානයේයි.

දෙවැනි ඉනිමේ දී වාර්තා කළ අර්ධ ශතකයත් සමග ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබෙනවා.

මේ අතර, පළමු ඉනිමේ දී කඩුලු 6ක් දවා ගත් බංග්ලාදේශයේ නයීම් හසාන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 53 වැනි ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මෙම තරගයේ පළමු ඉනිමේ දී කඩුලු 4ක් දවා ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 14කින් ඉදිරියට පැමිණ ඇත්තේ 61 වැනි ස්ථානය දක්වායි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...