6,6,6 : මිලර්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ රෝයල්ස් පරදා ටයිටන්ස් අවසන් මහා තරගයට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(24) සමත් වුණා. ඒ, තරගාවලියේ අවසන් වටයේ (Playoffs) පළමු තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම ජොස් බට්ලර් වාර්තා කළ ලකුණු 89න් ශක්තිමත් වෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා. පන්දු 56කින් වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.

බට්ලර්ගේ ඉනිමෙහි ආරම්භය මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවා. ඔහු එක් අවස්ථාවක ලකුණු 39ක් ලබා සිටියේ පන්දු 38ක් වැය කරමින්. නමුත් සිය ඉනිමේ අවසානය වේගවත් අවසානයක් බවට පත් කළ බට්ලර් රාජස්ථාන් කණ්ඩායම ද ලකුණු 188 දක්වා රැගෙන යාමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

ඔහුට අමතරව නායක සංජු සැම්සන් පන්දු 26කින් වේගවත් ලකුණු 47ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. දෙව්දත් පඩික්කල් ලකුණු 28(20)යි.

Jos Buttler © BCCI

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි, යෂ් දයාල්, රවිශ්‍රීනිවාසන් සායි හා හර්ඩික් පාන්ඩ්යා කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ, ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම ව්රිධිමන් සහා ලකුණු බින්දුවකට දවා ගනිමින්.

පන්දු 21කින් ලකුණු 35ක් ලබා සිටියදී ෂුබ්මන් ගිල් දුවද්දී දැවී යාමකට හසු වුණා. මැතිව් වේඩ් ලකුණු 35(30)කට දැවී ගියේ ඔබෙඩ් මැකෝයිගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව නායක හර්ඩික් පාන්ඩ්යා හා ඩේවිඩ් මිලර් අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 106(61)ක සබදතාවයක් ගොඩ නැගුණේ තරගයේ ජයග්‍රහනය ද ටයිටන්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

පාන්ඩ්යා පන්දු 27කින් නොදැවී ලකුණු 40ක් රැස් කළ අතර, මිලර් පන්දු 38ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් ලබා ගැනීමට ටයිටන්ස් කණ්ඩායමට අවශ්‍ය වූ අතර, එම ලකුණු ප්‍රමාණය පළමු පන්දු තුන තුළදීම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් සපුරා ගැනීමට ඩේවිඩ් මිලර් සමත් වුණා.(දර්ශන පහතින් නරඹන්න)

අවසන් වටයේ දෙවැනි තරගය (ELIMINATOR) හෙට(25) පැවැත්වෙන්නේ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

එම තරගය හෙට රාත්‍රී 7.30ට කොල්කටා හී දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් ජය ගන්නා කණ්ඩායම හා අද තරගයෙන් පරාජයට පත් වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එළඹෙන 27 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (QUALIFIER 2) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ තෙවැනි තරගයෙන් ජයග්‍රහනය කරන කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව එළඹෙන 29 වැනිදා අහ්මදාබාද් හී දී රාත්‍රී 8ට ඇරඹෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...