පළමු 20යි 20 න් ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද(24) සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

නායිකා චමරි අතපත්තු මෙම තරගයේ දී ලකුණු 6කට දැවී ගියා. හර්ෂිතා මාධවී හා නිලක්ෂි ද සිල්වා ලකුණු 25 බැගින් ලබා ගත්තා. අනුෂ්කා සංජීවනී ලකුණු 16යි.

පන්දු යැවීමේ දී Anam Amin ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත් අතර, සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ Tuba Hassan ලකුණු 8කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

Nida Dar නොදැවී ලකුණු 36ක්, Bismah Maroof ලකුණු 28ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...