IPL 2022 : මූලික වටයේ තරග අවසන් ; ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලිය වටයේ සියලු තරග අදින්(22) අවසන් වුණා.

මූලික වටයේ දී තරග 70ක් පැවැති අතර, එක් කණ්ඩායමක් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 14ක්.

මූලික වටයේ සියලු තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ මෙවර තරගාවලිය සදහා අලුතින් එක් වූ කණ්ඩායමක් වන හර්ඩික් පාන්ඩ්යා නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

ඔවුන් තරග 14කට ක්‍රීඩා කර තරග 10ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් හිමි කර ගත්තා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූයේ කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ලසිත් මාලිංග වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

ඔවුන් තරග 9ක් ජය ගනිමින් හිමි කර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18ක්.

තෙවැනි ස්ථානය හිමි වූයේ මෙවර තරගාවලියට අලුතින් එක් වූ අනෙක් කණ්ඩායම වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායම නියෝජනය කරන අතර, ඔවුන් ද තරග 9ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18කට හිමිකම් කීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

බැංගලෝර් කණ්ඩායම තරග 14න් ජය ගත් තරග ගණන 8ක්.(ප්‍රසාද ලකුණු 16)

මෙවර තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 වන්නේ එම කණ්ඩායම් 4යි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ද, පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ද, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ද හිමි කර ගනිමින් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථාන හිමි කර ගත්තා.

ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා ගත් චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ හිමි කර ගත්තේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි (අවසාන) ස්ථානයි.

මූලික වටයේ තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහන –

BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...