මූලික වටයේ අවසන් තරගයේ ජය පංජාබ් කණ්ඩායමට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 70 වැනි තරගය හෙවත් මූලික වටයේ අවසන් තරඟයෙන් ජය වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(22) සමත් වුණා

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති එම තරගයෙන් ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත්වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා කළේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින්.

අභිෂේක් ෂර්මා ලකුණු 43ක්, රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 26ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නේතන් ඇලස් හා හර්ප්‍රීට් බ්‍රාර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 29ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 49(22)යි. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් ද ඇතුළත් වුණා.

ශිකර් ධවාන් ලකුණු 39ක් හා ජොනී බෙයාර්ස්ටව් ලකුණු 23ක් ලබා ගනිමින් පංජාබ් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Fazalhaq Farooqi කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...