සනත් සහ ඩිල්ෂාන් පසුකර යමින් දික්වැල්ලගෙන් වාර්තාවක්

Date:

වර්තමානයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන්නේ නිරෝෂන් දික්වැල්ලයි.

ටෙස්ට් පිටියේ දී දැකිය හැකි සාමාන්‍ය පිතිකරුවන්ගේ පිතිහරඹ රටාවට වෙනස් වූ ආකාරයකින් යම් ආක්‍රමණශීලී පිතිහරඹ රටාවක ඔහු නිරත වන බැවින් ටෙස්ට් තරගවලදී ද දික්වැල්ල පිළිබද වැඩි අවධානයක් මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් යොමු වනවා.

කෙසේ වෙතත්, මෙම ආක්‍රමණශීලී පිතිහරඹය නිසාම ඇතැම් විට ඔහුට සිය කඩුල්ල ද අහිමි වන අයුරු ඔබ දැක ඇති.

දික්වැල්ලගේ මෙම පිතිහරඹ රටාව හේතුවෙන් මේ වන විටත් ඔහු නමින් සුවිශේෂී වාර්තා කිහිපයක්ම ලියවී තිබීම ද විශේෂත්වයක්.

ටෙස්ට් පිටියේ දී ශතකයක් වාර්තා නොකර වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙසයි දික්වැල්ල මීට පෙර වාර්තා අතරට එක්වුණේ.

ඔහු ටෙස්ට් තරග 48 කදී වාර්තා කර ඇති අර්ධ ශතක ප්‍රමාණය 20ක්.

එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ ශතකයක් වාර්තා නොකර වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවන් අතර දික්වැල්ලට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් සිය ටෙස්ට් දිවියේ දී තරග 145 කට ක්‍රීඩා කර ලකුණු 3,154 ක් රැස් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුට කිසිදු ශතකයක් වර්තා කිරීමට හැකිව තිබුණේ නැහැ.

දික්වැල්ල එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ ලකුණු 2,593 ක් වාර්තා කරමින්.

මේ අතර ටෙස්ට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ප්‍රහාරාත්මක වේගයක්  රඳවාගෙන සිටින පිතිකරුවා ලෙස ද මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.(අවම වශෙයන් ලකුණු 2,000ක් වාර්තා කර ඇති පිතිකරුවන් අතරින්)

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 65.67 ක් ලෙසයි.

මීට පෙර තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

ඒ, 65.54 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

එම ලයිස්තුවේ තෙවැනි ස්ථානය හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියට හිමිව තිබෙනවා.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 65.18 ක් ලෙසයි.

ධනංජය ද සිල්වා (56.11) හා කුසල් මෙන්ඩිස් (55.58) මෙම ලැයිස්තුවේ පිළිවෙලින් සිව්වන හා පස්වැනි ස්ථානයේ පසු වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...