අලුත් ආබාධයක් නිසා ආචර් යළිත් ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට මෙවර එංගලන්ත ගිම්හාන සෘතුවේ සියලු තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ආබාධය සුව වී ඔහුට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි කාලයක් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඒ අනුව ඔහුට මෙම වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වන බව සදහන්.

ආචර් 2021 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙතෙක් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ, ඔහුගේ වැලමිටක පැවැති ආබාධයක් හේතුවෙන්.

එම ආබාධය නිසා ඔහුට ශල්‍යකර්ම කිහිපයකට ද මුහුණ දීමට සිදු වුණා.

වැලමිටෙහි ආබාධය සුව වී ජොෆ්ර ආචර් මෙම මාසයේ දී දේශීය තරග පිටියට පිවිසීමටයි සූදානමින් පසු වුණේ.

සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ඔලී රොබින්සන්, මාර්ක් වුඩ්, ඔලී ස්ටොන්, සකිබ් මහ්මූද් හා මැතිව් ෆිෂර් යන එංගලන්ත ක්‍රීඩකයින් ද මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...