බැංගලෝර් බලාපොරොත්තු රදවා ගනිද්දී පංජාබ් හා සන්රයිසස් තරගාවලියෙන් ඉවතට

Date:

මෙවර  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, මෙවර තරග වාරයේ 67 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ මේ වන විට රැදී සිටින අතර, ඔවුන් අද ලැබූ මෙම ජයත් සමග පංජාබ් කිංග්ස් කණ්ඩායමට හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට මෙවර තරග වාරයේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා.

කෙසේ වෙතත්, අනිද්දා(21) දිල්ලි කැපිටල්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් දිල්ලි කණ්ඩායම පරාජයට පත් වුවහොත් පමණයි බැංගලෝර් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ.

එම තරගයෙන් දිල්ලි කණ්ඩායම ජය ගතහොත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නවා.

අද මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හර්ඩික් පාන්ඩ්යා පන්දු 47කින් නොදැවී ලකුණු 62ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්. ඩේවිඩ් මිලර් ලකුණු 34ක් හා ව්රිධිමන් සහා ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 2ක් ද, වනිදු හසරංග හා ග්ලේන් මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට විරාට් කෝලි හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වුණා.

ආරම්භක කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 115ක්.

ඩු ප්ලෙසිස් ලකුණු 44(38)කට දැවී ගිය අතර, කෝලි පන්දු 54කින් ලකුණු 73ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 40(18)ක් නොදැවී වාර්තා කරමින් බැංගලෝර් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඔවුන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී යි ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...