Watch : වනිදු යළි පෙරමුණට ගෙන ආ මිලර්ගේ කඩුල්ල

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්  අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(19) සමත් වුණා

ඒ, ගුජරාටි ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ආරම්භ වූ තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 25කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 34 ක් ලබා සිටි ඩේවිඩ් මිලර් ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දීමෙන්.

මේ වන විට වනිදු මෙවර තරගාවලියේ දී තරග 14 කට ක්‍රීඩා කර බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල් ද තරඟ 13කදී බිඳ හෙළා ඇති කඩුලු ගණන 24ක්.

කෙසේ වෙතත් වනිදු හසරංග පන්දු වාරයකට ලබාදී ඇති දාළ ලකුණු ප්‍රමාණය පහළ අගයක් ගැනීම හේතුවෙන් ඔහු වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා.

ඩේවිඩ් මිලර් දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...