Watch : ශ්‍රී ලංකාව කරච්චියට ළගා වෙයි

Date:

පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට පාකිස්තානයේ කරච්චි නුවරට ළගා වී තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය මැයි 24 වැනිදා කරච්චි හී දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අවසන් වන්නේ මැයි 28 වැනිදායි.

ජූනි පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලිය කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...