ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය : ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය පහළ යයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි ලකුණු ප්‍රතිශතය පහළ ගොස් තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග අද(19) නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමගයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව තිබුණා. ලකුණු ප්‍රතිශතය සටහන්ව තිබුණේ 50%ක් ලෙසයි.

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමග මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 28 ක් හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, ලකුණු ප්‍රතිශතය 50% සිට පහළ ගොස් ඇත්තේ 46.67% දක්වායි.

බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු 16ක් හිමිව ඇති අතර, ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය මේ වන විට 16.66% සිට 19.05% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...