චන්දිමාල් – දික්වැල්ල නොබිදුණු සබදතාවය පළමු ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොර කරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොං හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(19) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගය අද අවසන් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 260ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 39(135)ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 61(96)ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. දික්වැල්ල අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 20 වැනි අර්ධ ශතකයයි.

චන්දිමාල් හා දික්වැල්ල අතර 7 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 99ක්.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 52(138)ක් රැස් කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 43 කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 33(60)යි.

පළමු ඉනිමේ දී ලකුණු 199ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස්ට දෙවැනි ඉනිමේ දී ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැහැ. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 19කට ඊයේ පස්වරුවේ දුවද්දී දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2යි.

පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් ලකුණු 82කට කඩුලු 4ක් බිඳ හෙලුවා.

තරගය නිමා කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවූ ලකුණු සංඛ්‍යාව 192ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397 ක් ලබා ගත්තේ ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 199න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී නයීම් හසාන් කඩුලු 6ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 465ක්. ටමිම් ඉක්බාල් ලකුණු 133ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 105ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇන්ජෙලෝ මැතිව්ස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...