කේන් යළි නවසීලන්තය බලා පිටව යයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් වී යළි නවසීලන්තය බලා පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවැනි දරු උපත වෙනුවෙන් මේ වන විට සූදානමින් පසුවන බැවින්.

ඒ අනුව ඔහුට සන්රයිසස් කණ්ඩායම මෙවර තරඟ වාරයේ දී ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

එම තරගය ලබන 22 වැනිදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගයේදී සන්රයිසස් කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව බුවනේෂ්වර් කුමාර්, ඒඩ්න් මාක්‍රම් හෝ නිකලස් පූරාන් වැනි ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකුට හිමි වනු ඇති.

සන්රයිසස් කණ්ඩායම මෙවර තරඟාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගතහොත් කේන් විලියම්සන් යළි අයි.පී.එල් තරගාවලියට එක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...