එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික මැතිව් මොට් පත්කර තිබෙනවා.
වසර හතරක කාලයක් සඳහා ඔහු සමඟ ගිවිසුම්ගත වූ බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(18) නිවේදනය කළේ.
48 හැවිරිදි ඔහු 2016 වසරේ සිට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අළුබදුන තරගාවලිය සිව්වරක් ද, පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දෙවරක් ද, එක්දින ලෝක කුසලානය එක් වරක් ද ජයග්‍රහණය කළා.
එමෙන්ම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට අඛණ්ඩව එක්දින තරග 26ක් ජයග්‍රහනය කිරීම සදහා ද ඔහු මග පෙන් වූ අතර, පිරිමි හෝ කාන්තා අංශයෙන් එවැනි දක්ෂතාවයක් දැක් වූ එකම කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කිරීමට ද පසුගියදා පියවර ගැනුණා.

