බංග්ලාදේශය ලකුණු 12ක් පමණක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වැනි දිනය අදයි(18).

වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් අද දිනය සදහා තරගය ආරම්භ කෙරුණේ පැය භාගයක ප්‍රමාදයකින් පසුවයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 385ක් ලබා සිටියා.

අද දිනයේ දී මේ දක්වා ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 67ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මුෂ්ෆිකර් රහීම් ලකුණු 85ක් හා ලිටොන් දාස් ලකුණු 88ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රහීම් අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 5,000 පසු කර යාම විශේෂත්වයක්.

එම කඩඉම පසු කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ටමිම් ඉක්බාල් ලකුණු 133ක් රැස් කළ අතර, අනතුරුව ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමට ඊයේ තීරණය කළා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 63කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළා. ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199න් ශක්තිමත් වෙමින්.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 12ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...