මුම්බායි බලාපොරොත්තු දුවද්දී දැවී යද්දී සන්රයිසස් පිලට තවත් බලාපොරොත්තුවක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සිය බලාපොරොත්තු යම් තරමකින් හෝ ආරක්ෂා කර ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, මෙවර තරග වාරයේ 65 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරමින්.

මේ වන විට සන්රයිසස් කණ්ඩායම තරග 13කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ  8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, 6 වැනි හා 7 වැනි ස්ථානවල රැදී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩාායම් ද හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රාහුල් ත්‍රිපාති පන්දු 44කින් ලකුණු 76ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් සමගින්.

ප්‍රියාම් ගර්ග් ලකුණු 42(26) ක් හා නිකලස් පූරාන් ලකුණු 38(22)ක් රැස් කරමින් සන්රයිසස් ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී රමන්දීප් සිං ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි.

මුම්බායි ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට නායක රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් සමත් වුණා. ඒ, පන්දුවාර 10.4ක් තුළ පළමු කඩුල්ලට ලකුණු 95ක සබදතාවයක් ගොඩ නගමින්.

ෂර්මා ලකුණු 48(36)කටත්, කිෂන් ලකුණු 43(34)කටත් දැවී ගියා.

ටිම් ඩේවිඩ් පන්දු 18කින් වේගවත් ලකුණු 46ක් ලබා ගනිමින් මුම්බායි කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඇතුළත්. ටී නටරාජන් යොමු කළ ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී යි ඔහු එම හයේ පහර 4 එල්ල කළේ.

ඉන් එක් හයේ පහරක් මීටර් 114ක් දුරට ඇදී ගිය අතර, එය මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි දැවැන්තම හයේ පහරයි.

කෙසේ වෙතත්, ඔහු 18 වැනි පන්දුවාරයේ ම අවසන් පන්දුවට අනවශ්‍ය ලකුණක් ලබා ගැනීම සදහා දිව යාමේ දී දුවද්දී දැවී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

ටිම් ඩේවිඩ් දැවී යන අවස්ථාව වන විට මුම්බායි කණ්ඩායමට ජයග්‍රහනය සදහා පන්දු 12කින් ලබා ගත යුතු වූයේ ලකුණු 19ක් පමණයි.

කෙසේ වෙතත්, 19 වැනි පන්දුවාරය යොමු කළ බුවනේෂ්වර් කුමාර් එක් කඩුල්ලක් ද දවා ගනිමින් නිලකුණු පන්දුවාරයක් සනිටුහන් කිරීමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු මුම්බායි කණ්ඩායමෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග 13න් තරග 10ක්ම පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...