ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල සංචිතයක් ; නොකියා යළි ජාතික සංචිතයට

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

දකුණු අප්‍රිකාවේ පැවැති දේශීය 20යි 20 තරගාවලියේ දී පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක් වූ Tristan Stubbs පළමු වරට එරට ජාතික සංචිතයට නම් කිරීමටයි දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට සහභාගී වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් ද යළි ජාතික සංචිතයට කැදවමින් ප්‍රබල සංචිතයක් මෙම 20යි 20 තරගාවලියට නම් කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා ද සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බැවින් ඉන්දියාවට එරෙහි තරගාවලියට කැදවා තිබෙනවා.

ඔහු අවසන් වරට දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානය තරගාවලියේ දී යි.

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරඟ 5 දිල්ලි, කටක්, විසාකපට්නම්, රාජ්කොට් හා බැංගලූරුහී දී පැවැත්වෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

Squad:

Temba Bavuma, Quinton de Kock, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Tristan Stubbs, Rassie van der Dussen, Marco Jansen

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...