ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දෙවැනි සිව්දින තරගයත් ජය පැරදුමෙන් තොරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් කණ්ඩායම අතර පැවැති සිව්දින ක්‍රිකට් තරගය ඊයේ(16) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 107ක්.

දෙවැනි ඉනිමේ දී ද අසාර්ථක වූ නිපුන් ධනංජය ලකුණු 3කට දැවී ගියා. ලසිත් කෘස්පුල්ලේ ලකුණු 43යි. නිශාන් මදුෂ්ක ලකුණු 29කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නුවනිදු ප්‍රනාන්දු ලකුණු 14ක් හා ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 10ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 281ක්. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 52ක් ද, සන්තුෂ් ගුණතිලක ලකුණු 53ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 44ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී John Turner ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ හැම්ප්ෂයර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 252ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. Toby Albert නොදැවී ලකුණු 69ක් හා Fletcha Middleton ලකුණු 64ක් රැස් කළා. පන්දු යැවීමේ දී උදිත් මධුෂාන් හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ තෙවැනි දිනය වර්ෂාව හේතුවන් සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ පැවැති කෙන්ට් කණ්ඩායමට එරෙහි සිව්දින තරගය ද ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ක්‍රීඩා කරන තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට සරේ හී දී පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...