ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් කණ්ඩායම අතර සිව් දින තරගය ජය පැරදුමෙන් තොරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැති සිව්දින ක්‍රිකට් තරගය ඊයේ(9) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 573ක්.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 658ක් ලබා සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 269කට දැවී ගියා. ලසිත් කෘස්පුල්ලේ ලකුණු 136(179)ක් හා නුවනිදු ප්‍රනාන්දු ලකුණු 99ක් ලබා ගත්තා. සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 58යි.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ, Max Luckett හා Darren Stevens කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෙන්ට් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 200ක්.

Marcus O’Riordan නොදැවී ලකුණු 102යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 595ක් ලබා සිටියදීයි. Darren Stevens(168), George Linde(107) හා Billy Mead(106*) ශතක වාර්තා කරමින් කෙන්ට් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී උදිත් මදුෂාන්, යසිරු රොද්‍රිගෝ හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. නිපුන් මාලිංග හා අෂේන් බණ්ඩාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි මෙම තරගය පැවැත්වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...