Watch : දිල්ලි ඉනිමේ පළමු පන්දුවෙන්ම වෝනර් දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගය අද(16) රාත්‍රියේ දී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

මිචෙල් මාෂ් පන්දු 48කින් ලකුණූ 63ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලියම් ලිවින්ග්ස්ටන් හා අර්ෂ්දීප් සිං කඩුලු 3 බැගින් බිද හෙලුවා.

දිල්ලි ඉනිමේ පලමු පන්දුවෙන්ම ඩේවිඩ් වෝනර් දැවී යාම කැපී පෙනුණා.

ලියම් ලිවින්ග්ස්ටන් යොමු කළ පළමු පන්දුව හමුවේ රාහුල් චහාර් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි වෝනර් දැවී ගියේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...