මැතිව්ස්ගේ නොදැවුණු සටන ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(16).

දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 375.ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 178ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 353කින් වාර්තා වී ඇති මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 18ක් ඇතුළත්.

විශ්ව ප්‍රනාන්දු පන්දු 77කින් නොදැවී ලකුණු 17ක් ලබා සිටිනවා. ඒ, හතරේ පහර 3ක් සමගින්.

ඔවුන් දෙදෙනා අතර මේ වන විට 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 47(141)ක්.

දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවාරයෙන්ම රමේෂ් මෙන්ඩිස් (1) හා ලසිත් ඇඹුල්දෙණිය (0) පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ශකිබ් අල් හසාන් සමත් වුණා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාව රැස් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 48ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 66ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 97කට කඩුලු 4ක් හා ශකිබ් අල් හසාන් 60කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...