දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකාවෙන් තවත් ලකුණු 69ක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(16).

දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 327ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 147ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 288කින් වාර්තා වී ඇති මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 18ක් ඇතුළත්.

ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 136ක අගනා සබදතාවයක් ගොඩ නැගුණා.

කෙසේ වෙතත්, චන්දිමාල් රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා.

ඒ වන විට ඔහු පන්දු 148කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 66ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

දිවා ආහාරයට ඉතා ආසන්නව තිබියදී නයීම් හසාන් විසින් එම කඩුල්ල දවා ගත් අතර, එම පන්දුවාරයේ දී ම නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 3කට දවා ගැනීමට ඔහු සමත් වීම කැපී පෙනුණා.

අද දිනයේ දිවා ආහාරය දක්වා වූ හෝරා දෙකක කාලය තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 69ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ද ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 87කට කඩුලු 4ක් දවා ගත්තා.

චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...