ලක්නව් පරදා රාජස්ථානය තවත් පියවරකින් අවසන් වටයට ළගා වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 63 වැනි තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වුයේ මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

රාජස්ථාන් හා ලක්නව් යන කණ්ඩායම් දෙකම තරග 13 බැගින් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 16 බැගින් හිමි කර ගෙන සිටින නමුත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඉදිරියෙන් පසු වීම හේතුවෙනුයි රාජස්ථාන් කණ්ඩායම මේ වන විට තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ.

තරග 13කින් ප්‍රසාද ලකුණු 20ක් ලබා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව ඇති අතර, ඒ අනුව අවසන් වටයේ (Playoffs) පළමු තරගය (Qualifier 1) සදහා ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ගුජරාට් කණ්ඩායම හැරුණු විට තවමත් වෙනත් කිසිදු කණ්ඩායමක් අවසන් වටයේ ස්ථානයක් තහවුරු කර ගෙන නැහැ.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කළා.

යෂස්වි ජයිස්වාල් පන්දු 29කින් ලකුණු 41ක් ලබා ගත්තා. ජොස් බට්ලර් ලකුණු 2කට දැවී ගියා.

දෙව්දත් පඩික්කල් පන්දු 18කින් ලකුණු 39ක් ද, නායක සංජු සැම්සන් පන්දු 24කින් ලකුණු 32 ක් ද රැස් කරමින් රාජස්ථාන් මැද පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවාර 3 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 35ක් රැස් කළ නමුත්, ඔහුට කඩුලු දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 7කටත්, නායක කේ.එල් රාහුල් ලකුණු 10කටත්, අයුෂ් බදෝනි ලකුණු නොලබාත් දැවී යාම හේතුවෙන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ලක්නව් කණ්ඩායමට හැකි වූයේ නැහැ.

දීපක් හූදා පන්දු 39කින් ලකුණු 59ක් වාර්තා කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 27(17)ක් ද, කෘනාල් පාන්ඩ්යා ලකුණු 25ක් ද රැස් කර සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා ඔබෙඩ් මැකෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...