Watch : ගුජරාට් නායක පාන්ඩ්යාත් මතීෂ පතිරණගේ සුපිරි පන්දුවකට ගොදුරු වූ හැටි

Date:

“පොඩි මාලිංග” යන නමින් ප්‍රසිද්ධ ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(15) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනා ගත් තරගයේ දී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ 62 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි ඔහු අයි.පී.එල් වරම් දිනා ගත්තේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගයේ දී මතීෂ පතිරණ යොමු කළ පළමු පන්දුවෙන්ම, එනම් අයි.පී.එල් පිටියේ දී ඔහු යොමු කළ තම මංගල පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට පතිරණ සමත් වීම කැපී පෙනුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ එලෙස දැවී ගියේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල්.

පතිරණ යොමු කළ පළමු පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වදරට හසු වීමෙනුයි ෂුබ්මන් ගිල්ට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූයේ.

අනතුරුව ඔහු යොමු කළ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් ද කඩුල්ලක් දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වීම විශේෂත්වයක්.

ඔහුගේ පන්දුවක් හමුවේ එලෙස දැවී ගියේ ගුජරාට් නායක හර්ඩික් පාන්ඩ්යා.

පාන්ඩ්යා මෙම තරගයේ දී රැස් කළේ ලකුණු 7ක් පමණයි.

මෙම තරගයේ දී පන්දුවාර 3.1ක් යොමු කළ මතීෂ පතිරණ එහිදී ලකුණු 24ක් ලබා දෙමිනුයි කඩුලු 2 දවා ගත්තේ.

පතිරණ දවා ගත් දෙවැනි කඩුල්ල පහතින් නරඹන්න (මතීෂ පතිරණ දවා ගත් පළමු කඩුල්ල නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...