පතිරණගේ දක්ෂතා පසෙකලා ගුජරාට් කණ්ඩායම තවදුරටත් සිය ආධිපත්‍ය පතුරයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 62 වැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිය ආධිපත්‍ය තවදුරටත් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

මේ වන විට තරග 13කදී තරග 10ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ටයිටන්ස් කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20ක්.

මෙම තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙතෙක් එම කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද තරඟය සඳහා ක්‍රීඩා කළේ නැහැ.

තරගයේ කාසිය වාසිය දිනු චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 133ක් පමණයි.

ආරම්භක පිතිකරු පිතිකරු රුටුරාජ් ගයික්වඩ් පන්දු 49කින් ලකුණු 53 ක් රැස් කළා. නාරායන් ජගදීසන් නොදැවී ලකුණු 39(33)යි. මොයීන් අලී ලකුණු 21(17)කට දැවී ගියා.

පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි ලකුණු 19කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ව්රිධිමන් සහා නොදැවී ලකුණු 67(57)ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මැතිව් වේඩ් ලකුණු 20කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 18කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර, මොයීන් අලී එක් කඩුල්ලක් බිද හෙලුවා.

පතිරණ විසින් මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...