Watch : ලක්මාල්ගේ සුපිරි පන්දුවකට පොලොක් දැවී ගිය හැටි

Date:

එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවැති ඩර්බිෂයර් හා Worcestershire කණ්ඩායම් අතර තරගය අද(15) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඩර්බි හී දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Worcestershire කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 368ක් රැස් කළා.

Jack Haynes ලකුණු 133යි. පන්දු යැවීමේ දී Sam Conners කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ඩර්බිෂයර් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 565 ක් ලබා සිටියදීයි.

ශාන් මසූඩ් ලකුණු 113ක් ද, Anuj Dal නොදැවී ලකුණු 114ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී Josh Baker හා Ed Barnard කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ Worcestershire කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 225ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, අනතුරුව තරගය ජය පරාජයෙන් තොරව නිමා කෙරුණා.

Worcestershire කණ්ඩායමේ පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිමේදී ද ආරම්භක පිතිකරු Ed Pollock ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ ඩර්බිෂයර් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින්.

පළමු ඉනිමේ දී Ed Pollock ලකුණු 7කටත්, දෙවැනි ඉනිමේදී ලකුණු 23 කටත් දවා ගැනීමට ලක්මාල් සමත් වුණා.

දෙවැනි ඉනිමේදී සුරංග ලක්මාල් විසින් ඔහුගේ කඩුල්ල දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...