ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හදිසි අනතුරකින් මරුට

Date:

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

46 වන වියේ පසු වූ ඔහු ක්වීන්ස්ලන්ඩ් හී දී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1998 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි සයිමන්ඩ්ස් එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට, එක්දින තරග 198කට හා 20යි 20 තරග 14කට ක්‍රීඩා කර තිබුණා.

2003 හා 2007 වසරවලදී ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

ඔහුගේ අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පොලීසිය සදහන් කර ඇත්තේ රාත්‍රී 11 පසු වී සුළු වේලාවකින් මෙම අනතුර සිදුව ඇති බවට මූලික තොරතුරු ලැබී ඇති බවයි.

Hervey Range මාර්ගයේ ධාවනය වූ අදාළ මෝටර් රථය පාලමක් ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලී ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.

ඔහුගේ මරණයත් සමග මෙම වසරේ දී මේ දක්වා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය ගොස් තිබීම ද විශේෂත්වයක්.

මීට පෙර ශේන් වෝර්න් හා රොඩ්නි මාෂ් යන ක්‍රීඩකයින් ද 2022 වසරේ දී අභාවප්‍රාප්ත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...