ආරම්භක පිතිකරු, කාළගුණය, තණතීරුව හා සංයුතිය ගැන දිමුත් මාධ්‍ය හමුවේ කරුණු පහදයි

Date:

බංග්ලාදේශය සමග එළඹෙන 15 වැනිදා ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තමා සමග ඉනිම ආරම්භ කිරීමේ වගකීම ඕෂද ප්‍රනාන්දුට හිමි වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඒ, පසුගිය තරගවලදී දිමුත් සමග ඉනිම ආරම්භ කළ ලහිරු තිරිමාන්න හා පැතුම් නිස්සංක යන පිතිකරුවන් දෙදෙනාම මෙම සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොසිටීම හේතුවෙන්.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද(13) පස්වරුවේ දී එක්වෙමින් දිමුත් සදහන් කළේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය හා ක්‍රීඩකයින් 11 දෙනා පිළිබද අවසන් තීරණය හෙට දිනයේ දී ගැනීමට අපේක්ෂා කරන බවයි.

පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන චිතගොං ක්‍රීඩාංගනයේ දී සිය කණ්ඩායම අද දිනයේ දී පුහුණුවීම් සිදු කළ බවත්, පවතින වර්ෂාව සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පළමු ටෙස්ට් තරගය සදහා වන තණතීරුව මෙතෙක් සකස් කර අවසන්ව නොමැති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

චිතගොං තණතීරුව පිතිකරුවන්ට වාසි සහගත මෙන්ම දග පන්දු යවන්නන්ට එතරම් හිතකර නොමැති තණතීරුවක් වනු ඇති බවට ද ශ්‍රී ලංකා නායකයා විශ්වාසය පල කළා.

ඒ අනුව චිතගොං ටෙස්ට් තරගයේ දී ජයග්‍රහනයක් ලබා ගැනීම (කණ්ඩායම් දෙකටම) තරමක් අසීරු වනු ඇති නමුත්, ඒ සදහා සුදුසු සංයුතියක් සමග ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 20 දවා ගනිමින් කෙසේ හෝ තරගය ජය ගැනීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බවයි දිමුත් අවධාරණය කළේ.

චිතගොං තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වන බැවින් කඩුලු දවා ගැනීමේ අරමුණින් පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් වීමට ද ඉඩ ඇති බව ඔහු මෙහිදී ඉගි පල කළා.

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන ඩකා ක්‍රීඩාංගනය දග පන්දු යවන්නන්ට උචිත වන බැවින් අනිවාර්යයෙන්ම එම තරගය ප්‍රතිපලයක් සහිතව අවසන් වනු ඇති බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා විශ්වාසය පල කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, එම තරගයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 18.2ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ද වර්ෂාවෙන් යම් බාධාවක් එල්ල වීමේ හැකියාවක් පවතින බව දිමුත් මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.

මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...