ඔස්ට්‍රේලියානු හිටපු නායකයාගේ ක්‍රිකට් දිවිය අවසන් වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන්ට 2022-23 තරග වාරය සදහා නව කොන්ත්‍රාත් ගිවිසුමක් ලබා නොදීමට තස්මේනියා ප්‍රාන්ත කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 37 හැවිරිදි ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මේ වන විට තවදුරටත් ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයක්.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ටිම් පේන් ඉල්ලා අස් වුණේ පසුගිය නොවැම්බර් 19 වැනිදායි.

ඒ, 2017 වසරේ දී තස්මේනියා ක්‍රිකට් හි සේවිකාවක සමග නුසුදුසු කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

අනතුරුව ඔහු ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්ව සිටියා.

කෙසේ වෙතත්, පසුගිය තරග වාරයේ අවසන් භාගයේ දි ඔහු තස්මේනියා කණ්ඩායම සමග සහාය පුහුණුකරුවෙකු ලෙස එක් වුණා.

ඔහු ඉදිරියේ දී ත් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානමින් පසුවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇතත්, ක්‍රීඩකයෙකු ලෙස ටිම් පේන්ගේ ක්‍රීඩා දිවිය මේ වන විට අවසන්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කළ ඔහු, පළමු පෙල තරග 147 ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...