පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායකත්වය තවදුරටත් බිස්මාහ්ට

Date:

2022-23 තරග වාරය සදහා ද පාකිස්තාන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස තවදුරටත් Bismah Maroof කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීමට අසමත් වීම හේතුවෙනුයි ඇයගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබුණේ.

ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය තරග 7කට ක්‍රීඩා කර ඉන් ජය වාර්තා කළේ එක් තරගයක් පමණයි.

පාකිස්තාන කණ්ඩායම ඉදිරි තරග වාරයේ දී අවම වශයෙන් සීමිත පන්දුවාර තරග 25කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, මෙම මස අවසානයේ දී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින හා 20යි 20 තරග 3 බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...