රංගන හේරත් කොදෙව් සංචාරයට නැහැ

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු රංගන හේරත් එක් නොවීමට තීරණය කර තිබෙනවා.

එම සංචාරයට එක් නොවී ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට තීරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු වෙනුවට අදාළ සංචාරයට නම් කරන දග පන්දු පුහුණුකරු කවුරුන් ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ අර්බුදකාරී වාතාවරණයක් පැවතිය ද, ඔහු එළඹෙන 15 වැනිදා සිට ආරම්භ වන බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග රැදී සිටීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග 2ක්, 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

එම සංචාරයට සහභාගී වීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ජූනි 6 වැනිදා එරටින් පිටත්ව යනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...