2022-23 තරග වාරය සදහා ද පාකිස්තාන ජාතික කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස තවදුරටත් Bismah Maroof කටයුතු කරන බව පාකිස්තාන ක්රිකට් ආයතනය පවසනවා.
නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීමට අසමත් වීම හේතුවෙනුයි ඇයගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබුණේ.
ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය තරග 7කට ක්රීඩා කර ඉන් ජය වාර්තා කළේ එක් තරගයක් පමණයි.
පාකිස්තාන කණ්ඩායම ඉදිරි තරග වාරයේ දී අවම වශයෙන් සීමිත පන්දුවාර තරග 25කට ක්රීඩා කිරීමට නියමිතව ඇති අතර, මෙම මස අවසානයේ දී ඔවුන් ශ්රී ලංකාවට එරෙහිව එක්දින හා 20යි 20 තරග 3 බැගින් ද ක්රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

