බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු රංගන හේරත් එක් නොවීමට තීරණය කර තිබෙනවා.
එම සංචාරයට එක් නොවී ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට තීරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔහු වෙනුවට අදාළ සංචාරයට නම් කරන දග පන්දු පුහුණුකරු කවුරුන් ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ අර්බුදකාරී වාතාවරණයක් පැවතිය ද, ඔහු එළඹෙන 15 වැනිදා සිට ආරම්භ වන බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග රැදී සිටීමට නියමිතයි.
බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග 2ක්, 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.
එම සංචාරයට සහභාගී වීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ජූනි 6 වැනිදා එරටින් පිටත්ව යනු ඇති.

