හෙන්රි නිකල්ස් ගැන සුබ ආරංචියක්

Date:

නවසීලන්ත පිතිකරු හෙන්රි නිකල්ස් පෙර සැලසුම් කළ පරිදිම සෙසු ක්‍රීඩකයින් සමග මෙම සති අන්තයේ දී එංගලන්තය බලා පිටත්ව යන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහුගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධය එතරම් බරපතල නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් හදුනා ගැනීම හේතුවෙන්.

තරග සංචාරයට පෙර Mount Maunganui හී දී සංවිධාන කළ දින තුනක පුහුණු කදවුරකට එක්ව සිටියදීයි හෙන්රි නිකල්ස් මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහුගේ ආබාධය සම්බන්යෙන් අදහස් දක්වමින් පුහුණුකරු Gary Stead සදහන් කළේ ඉදිරි සති දෙකේ සිට තුනක කාලය ඉතා තීරණාත්මක බවයි.

ඒ අනුව මෙම ආබාධය නිසා දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙක සදහා හෙන්රි නිකල්ස්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

බොහෝ විට ඔහුට ලබන දෙවැනිදා ලෝඩ්ස් හී දී ආරම්භ වන එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීමට ඉඩ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...