නිසි පුහුණුවක් නැතුවම පුහුණු තරගය අවසන්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු තරගය දැඩි වර්ෂාවෙන් සිදු වූ බලපෑම හමුවේ අද(11) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

මෙම තරගයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 18.2ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය අද නිමා කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50ක්.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 2(18)කට දැවී ගියා.

ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 26ක් ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 22ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී Mukidul Islam ලකුණු 6කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

බංග්ලාදේශයේ ඩකා දිස්ත්‍රික්කයේ සවර් නගරයේ Bangladesh Krira Shikkha Protisthan No 3 ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 15 වැනිදා චිතගොං හී  දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...