ගිල් හා රෂීඩ්ගේ දක්ෂතා ගුජරාට් අවසන් වටයට ගෙන යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoff) සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමට බවට පත් වීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ, තරගාවලියේ 57 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 62ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

පූනේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 63(49)යි. ඩේවිඩ් මිලර් ලකුණු 26ක් හා රාහුල් තෙවාටියා ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 34ක් රැස් කළ නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 13.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82ක් පමණයි.

දීපක් හූදා ලකුණු 27ක්, අවේශ් ඛාන් ලකුණු 12ක් හා ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 11ක් රැස් කළා.

පන්දු යැවීමේ රෂීඩ් ඛාන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...