කෙන්ට් වෙනුවෙන් අරවින්ද පිහිටු වූ වාර්තාව කෙන්ට් පිලට එරෙහිව නිශාන් බිද දමයි

Date:

බ්‍රිතාන්‍යයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නිශාන් මදුෂ්ක වසර 27ක් පැරැණි වාර්තාවක් බිද දැමීමට ඊයේ ( 8 ) සමත් වුණා.

ඒ, කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

තෙවැනි දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස් කර ගෙන සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 573ක්.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 269කට දැවී ගියා. පන්දු 392කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 37ක් ඇතුළත්.

එය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු එංගලන්තයේ දී පළමු පෙල තරගයක ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා විසින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

ඒ, 1995 වසරේ දී කෙන්ට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 255ක් ලබා ගනිමින්.

නිශාන් මදුෂ්කට අමතරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 136(179)ක් ද නුවනිදු ප්‍රනාන්දු ලකුණු 99ක් ද ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 595ක් ලබා සිටියදීයි.

ඒ අනුව තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ වන්නේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 22ක් පිටුපසින් පසුවෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...