පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් එක්දින තරග කපා හරියි

Date:

පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අයත්ව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකග වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ තරග සංචාරය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත වනු ඇති.

ජූලි – අගෝස්තු මාසවලදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය බැවින් අදාළ එක්දින තරගාවලිය අවලංගු කර ඇති බව සදහන්.

එම එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරගාවලියක් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...