Watch : දිල්ලි සුපිරි පිතිකරු වෝනර්ගේ කඩුල්ල තීක්ෂණ දවා ගත් අයුරු

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගය අද(8) රාත්‍රියේ දී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 208ක් රැස් කළා.

දිල්ලි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවා වන ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ මහීෂ් තීක්ෂණයි.

ඔහු මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරයේ දී ම වෝනර් ලකුණු 19කට දැවී ගියා. පන්දු 12කින් වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.

තීක්ෂණ යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි වෝනර්ට යළි ක්‍රීඩාගාරය වෙත පිටත්ව යාමට සිදු වුණේ.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...