Watch : කෝලි තෙවැනි වරටත් පළමු පන්දුවෙන්ම බින්දුවට දැවී ගිය හැටි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අද(8) යළිත් වරක් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 54 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ඒ, විරාට් කෝලි පළමු පන්දුවෙන්ම දවා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක ජගදීෂ සුචිත් සමත් වීමත් සමගයි.

මෙලෙස විරාට් කෝලි මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියේ තෙවැනි වරටයි.

මීට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගියා.

එමෙන්ම මීට පෙර සන්රයිසස් කණ්ඩායම සමග ක්‍රීඩා කළ තරගයේ දී ද කෝලි පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මාර්කෝ ජන්සෙන් සමත් වුණා.

අද තරගයේ දී කෝලි දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...