Watch : විලියම්සන් කිසිදු පන්දුවකට මුහුණ නොදී දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගය අද(8) පස්වරුවේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

මෙම තරගයේ විශේෂත්වය වූයේ ඉනිම් දෙකේදීම පළමු පන්දුවෙන්ම කඩුලු දැවී යාමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ විරාට් කෝලි පළමු පන්දුවෙන්ම දවා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක ජගදීෂ සුචිත් සමත් වීම හේතුවෙන්.

විරාට් කෝලි මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය තෙවැනි අවස්ථාව එයයි.

කෝලිගේ එම දැවී යාම හමුවේ වුවද බැංගලෝර් කණ්ඩායම මෙම තරගයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි හයිදරාබාද් කණ්ඩායමේ පළමු කඩුල්ල ද දැවී ගියේ ඉනිමේ පළමු පන්දුවෙන්මයි.

ඒ, නායක කේන් විලියම්සන් දුවද්දී දැවී යාම හේතුවෙන්.

ග්ලේන් මැක්ස්වෙල් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුවට අභිෂේක් ෂර්මා මුහුණ දුන් අතර, එම පන්දුවට පහරක් එල්ල කිරීමෙන් පසුව පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැති මාරු කර ගැනීමේ දී යි විලියම්සන් දුවද්දී දැවී ගියේ.

ශහ්බාස් අහ්මඩ් කඩුල්ලට යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා විලියම්සන්ට කිසිදු පන්දුවකට මුහුණ නොදී යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වුණා.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...