ශ්‍රී ලංකාව බංග්ලාදේශ තරග සංචාරය අරඹයි (ඡායාරූප සහිතයි)

Date:

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේදී දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

එම පුහුණු තරගය එළඹෙන 11 වැනිදා හා 12 වැනිදා චිතගොං හී දී පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා චිතගොං හී දී ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ඩකා හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව තිබෙනවා. ලකුණු ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 50%ක් ලෙසයි.

බංග්ලාදේශයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි. ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 16.66%ක්.

SLC
SLC
SLC
SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...