Watch : පොලාඩ්ගේ ටෙස්ට් ඉනිම නැවතූ රෂීඩ්ගේ සුපිරි පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගය අද(6) රාත්‍රියේ මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

ඉෂාන් කිෂන් ලකුණු 45ක්, රෝහිට් ෂර්මා ලකුණු 43ක් හා ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 44ක් රැස් කරමින් මුම්බායි ඉනිම ශක්තිමත් කළා.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධ කොදෙව් දූපත්හි කයිරන් පොලාඩ්ට මෙම තරගයේ දී ද සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

ඔහු පන්දු 14කින් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

රෂීඩ් ඛාන් යොමු කළ විශිෂ්ඨ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ.

මෙවර අයි.පී.එල් තරග වාරයේ දී තරග 10ක් ක්‍රීඩා කර ඇති පොලාඩ් එහිදී රැස් කර ගෙන ඇත්තේ ලකුණු 125ක් පමණයි.

මෙම තරගාවලියේ දී ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 15ක් ලෙසයි.

පොලාඩ්ගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...