ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව කෙන්ට් පිලෙන් පළමු දිනයේ දී දැවැන්ත ලකුණු පුවරුවක්

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කෙන්ට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 418ක්.

කෙන්ට් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 95ක්ව තිබියදී දවා ගැනීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා Darren Stevens හා George Linde අතරේ ගොඩ නැගුණු සබදතාවය ලකුණු 264ක්.

Darren Stevens ලකුණු 168කට දවා ගැනීමට උදිත් මධුෂාන් සමත් වීමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.(දර්ශන පහතින්)

ඒ වන විට සමස්ත ලකුණු පුවරුව ලකුණු 359ක් ලෙස සටහන්ව තිබුණා. George Linde ලකුණු 107කට දැවී ගියා.

ආරම්භක පිතිකරු Marcus O’Riordan ලකුණු 31ක් ද, ජෝ ඩෙන්ලි ලකුණු 35ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී උදිත් මධුෂාන් හා ධනංජය ලක්ෂාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

යසිරු රොද්‍රිගෝ හා අශේන් බණ්ඩාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි මෙම තරගය පැවැත්වෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...