Watch : කෙන්ට් පළමු කඩුල්ල දවා ගැනීමට යසිරු යොමු කළ සුපිරි පන්දු

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි.

තරගය මෙරට වේලාවෙන් අද(6) පස්වරු 3.30ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ කෙන්ට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ

මෙම තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ නිපුන් ධනංජය.

Jack Leaning කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

කෙන්ට් කණ්ඩායම සදහා එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලි මෙන්ම දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් ලින්ඩේ ද ක්‍රීඩා කරනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන කෙන්ට් කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් ලෙස සටහන්ව තිබියදීයි.

ඒ, Tawanda Muyeye ලකුණු 5කට දවා ගැනීමට යසිරු රොද්‍රිගෝ සමත් වීමත් සමගයි.

එහි දර්ශන පහතින් නරඹන්න – (තරගයේ සජීවී දර්ශන සදහා මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...