බංග්ලාදේශ සංචාරය අභියස ශ්‍රී ලංකා මැදපෙල ජ්‍යෙෂ්ඨ පිතිකරුටත් ආබාධයක්

Date:

බංග්ලාදේශ තරග සංචාරය සදහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

පුහුණුවීම් අතරතුර දී මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල්.

පන්දුවක් ඇගිල්ලක වැදීමෙන් මෙම ආබාධය සිදුව ඇති බව සදහන්.

ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා ද යොමු කර තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එම ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.

ඒ අනුව බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සදහා ඔහුට ගැටලුවකින් තොරව සහභාගී විය හැකි බවට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව සදහන්.

බංග්ලාදේශ සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වන අතර, ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් මුල්පෙල පිතිකරු පැතුම් නිස්සංකට ද මෙම තරග සංචාරය අහිමි වුණා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 2001 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර, ඉන් තරග 17කම ජය හිමි කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එක් තරගයක් පමණක් බංග්ලාදේශය ජය ගෙන තිබෙනවා. තරග 4ක් නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව මෙම තරගාවලිය සදහා බංග්ලාදේශය මුහුණ දෙන්නේ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අරමුණින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...