වනිදුගෙන් තවත් IPL වාර්තාවක්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ වන විට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පස් වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ, තරග 11 කදී කඩුලු 16ක් දවා ගනිමින්.

ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී ද වනිදු එක් කඩුල්ලක් බිද හෙලිමට සමත් වුණා.

එම කඩුල්ලත් සමඟ මේ වන විට වනිදු නව වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අයි.පී.එල් තරග වාරයකදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු බිඳ හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ සටන් කර ගනිමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.

ඔහු 2012 වසරේ දී බැංගලෝර් කණ්ඩායමම නියෝජනය කරමින් කඩුලු 15 ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

ඊට අමතරව මුරලිදරන් විසින් 2010 වසරේ දී ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 15ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...