MCC නව සභාපතිධූරය විකට නලුවෙකුට

Date:

රංගන ශිල්පියෙකු හා ලේඛකයෙකු වන Stephen Fry ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) මීළග සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව 64 හැවිරිදි ඔහු ලබන ඔක්තෝබර් පළමු වැනිදා සිට අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි MCC සමාජය නිවේදනය කළේ.

මේ වන විට MCC සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන Clare Connor.

විකට නලුවෙකු ලෙස ප්‍රසිද්ධ Stephen Fry 2011 වසරේ සිට මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා.

ඔහුව MCC නව සභාපතිවරයා ලෙස පත් කිරීම සදහා නම් කර ඇත්තේ වත්මන් සභාපතිනිය වන Clare Connor විසින්.

MCC සභාපති ලෙස මීට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...