Watch : මැද ඉන්නටම යොමු කළ මොයීන්ගේ සුපිරි දග පන්දුවට කෝලි අසරණ වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය අද(4) රාත්‍රියේ දී පූනේ හී දී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

බැංගලෝර් ඉනිම ආරම්භ කළේ විරාට් කෝලි සමගින් නායක ෆෆ් ඩු ප්ලෙසිස්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩු ප්ලෙසිස් ලකුණු 38කට දැවී ගියේ මුළු ලකුණු ප්‍රමාණය 62ක් ලෙස සටහන්ව තිබියදීයි.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 3කට දුවද්දී දැවී ගියා.

අනතුරුව විරාට් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට මොයීන් අලී සමත් වුණා.

ඒ, ඔහු යොමු කළ සුපිරි පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

එම පන්දුව මෙවර තරගාවලියේ දී දග පන්දු යවන්නෙකු යොමු කළ විශිෂ්ඨතම පන්දු අතරින් එක් පන්දුවක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැහැ.

එහි දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1521869455609200640

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...